මහින්ද මාලිගාවේ කෝටි 50ක රත‍්‍රන් විකුණා සල්ලි අරන් ගියා.. සල්ලි ගිහින් දුන්නේ දියවඩනෙ නිලමේවරයා

දළදා මාලිගාවේ කෝටි 50ක රත්තරන් හා කෝටි නවයක ඉඩම් විකුණා මහින්ද රාජපක්ෂ මහතාට මුදල් ලබාදුන් බව එහි හිටපු නිලධාරියකු සඳහන් කරයි.

එම මුදල් මහින්ද රාජපක්ෂ මහතාට ගෙනගොස් දීම සඳහා මිටි බැන්දේ තමන් විසින් බවද ඒවා ගෙන ගොස් දුන්නේ ද දියවඩන නිලමේවරයා විසින් බව ද ඔහු කියා සිටී.

මෙවර පළාත් පාලන මැතිවරණයට අදාළව ගෙයින් ගෙට සිදුකරන ප්‍රචාරක කටයුත්තකට පැමිණි කණ්ඩායමක් සමග ඔහු මෙම අදහස් පළ කර ඇති අතර ඔවුන් ඒවා පටිගත කර සමාජ ජාල වලට මුදා හැර ඇත.

එම වීඩියෝ පටය පහත ලින්ක් එක මගින් නැරඹිය හැක

දළදා මාලිගාවේ ලේඛම් වරයෙකු වන මොහු නමින් නිහාල් ෆර්නැන්ඩස් වන අතර මීට පෙර ඔහු දියවඩන නිලමෙවරයාගේ වංචා දූෂන සම්බන්ධව මූල්‍ය අපරාද ඒකකයටද පැමිණිලි කර තිබුනු බව වාර්තා වේ.

එම පැමිණිල්ල ද මූල්‍ය අපරාධ ඒකකය මගින් අධිකරණයට ඉදිරිපත් කර තිබූ නමුත් මෑතකදී වංචා දූෂණ හෙළිදරව්වත් සමග මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉවත් කර ගැනීමටද ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙන බව වාර්තා වේ.

මහු මීට පෙර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත කරන ලද පැමිණිල්ල පහත ලින්ක් එක මගින් නැරඹිය හැක

Exit mobile version