ශ්‍රී ලංකාවට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට හින්දු පුවත්පත ඊයේ වාර්තා කර තිබු පුවත පළකර තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා මුදල් ගෙවා බවට NDTV පුවත් සේවය වාර්ථා කර තිබෙන බවට ජයාරූපයක් අන්තර්ජාලය හරහා හුවමාරු වෙමින් පවතී.
නමුත් අප කල විමසීමේදී සහ ඔවුන්ගේ පුවත් වෙබ් අඩවිය පරික්ෂා කිරීමේදීද එවැනි පුවතක් වාර්තා කර නැති බව ප්‍රකාශ විය. නමුත් අප ඒ පිලිබදව තව දුරටත් විමර්ශනයක යෙදෙන අතර මෙවැනි පුවත් කියවීමේදී ඉතාම පරිස්සම් විය යුතුය. එසේම අප එම චායාරූපය විශේෂ පරික්ෂාවකට ලක් කරන ලදී. හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ චයාරූපයේ හිසට උඩින් යම් අසාමාන්‍ය බොඳ වීමක් දක්නට ලැබේ. වෙබ් අඩවියකින් ලබා ගත් ජයාරූපයක එවැනි බොඳවීමක් දැකිය නොහැකිය. එසේම ඔහුගේ රූපය වටාම එවැනි බොඳවීමක් දක්නට තිබෙන නමුත් මුල් චායාරූපය වෙනස් කිරීමේදී ද එවැනි බොඳවීම් දැකිය හැකිය. කෙසේ වුවත් හිසට ඉහලින් තිබෙන කොටසේ පැහැදිලිවම වෙනස් කිරීම හඳුනා ගත හැකිය.
කෙසේ වුවත් පාලකයන් ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු බොහෝ දෙනෙකු සිදුකල විශාල බොරු නිසා මෙරට ආර්ථිකය කඩා වැටී ජන ජීවිතය විනාශ වී තිබේ. ජනතාවද ඔවුන් සේම හැසිරෙමින් විවිධ බොරු ප්‍රචාර යැවීම වැළක්විය නොහැකි අතර එවැනි පරපුරක් බිහි කලේද ඔවුන්මය .
