මහේස්ත්‍රාත් නිල නිවසේ රාජකාරී කළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට.

මහේස්ත්‍රාත්වරයෙකුගේ නිල නිවසේ ආරක්ෂාව සදහා යොදවා සිටි තරුණ ආධුනික පොලිස් නිලධාරියෙක් මත්කුඩු සමග අත් අඩංගුවට ගැනීමට අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කටයුතු කර තිබේ.

පොලීසියට බැදී තවමත් අවුරුද්දක සේවා කාලයක් සම්පූර්ණ කර නැති මෙම තරුණ ආධුනික පොලිස් නිලධාරියා නිවිතිගල පොලීසියට අනියුක්තව සේවය කරමින් මහේස්ත්‍රාත් නිල නිවසේ රාජකාරියේ යෙදී ඇත.

ඔහු පේමඩුව කරඹගොල්ලෑවේ පදිංචිකරුවෙකි.

මෙම වැටලීම සිදු කළ පෙරේදා (28) දිනයේදී මත් කුඩු මිලි ග්‍රෑම් 405ක් සන්තකයේ තබා ගෙන සිටියදී අත් අඩංගුවට පත්වන මෙම පොලිස් නිලධාරියා මත් කුඩු භාවිතයට තදින්ම ඇබ්බැහි වී ඇති පුද්ගලයෙක් බව විමර්ශනවලදී හෙළි වී තිබේ.

ඉකුත් 24 වැනිදා ඔහු නොදන්වා අනුරාධපුරයේ සිය නිවසට පැමිණ තිබේ . ඔහුව පොලිස් අත් අඩංගුවට පත්වන්නේ අනුරාධපුර මාර්ක්ට් පෙදෙසේ දී ඊෂි කෑෂ් ක්‍රමයට මත්කුඩු මිල දී ගෙන යමින් සිටියදීය .

( ලංකා සර )

Exit mobile version