මහ බැංකුව ප්‍රතිපත්ති පොළී අනුපාතිකය ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමට තීරණයක්.

ඊයේ (05) පැවති රැස්වීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොළී අනුපාතික පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමටයි.

ඒ අනුව මහ බැංකුව තීරණය කර ඇත්තේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 14.50% ලෙසත්, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 15.50%ක් ලෙසත් දැනට පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වා ගෙන යාමට යි.

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ද 4.00% මට්ටමේ නොවෙනස්ව පවතියි.

Exit mobile version