මහ සමන් දේවාලයේ ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කරයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ‌ෙඵතිහාසික සබරගමුව මහ සමන් දේවාල  පුණ්‍ය භූමියේ අභිනවයෙන් තැන්පත් කළ ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරිම සහ පළමු මල් පූජාව ඊයේ (28) සිදු කෙරිණි.

මෙම ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමාව  අගමැති තුමන්ගේ සංකල්පයකට අනුව මෙලෙස සබරගමුව මහ සමන් දේවාල පරිශ්‍රයේ තැන්පත් කිරීම සිදු කෙරුණු අතර ඊට අදාළ ඉදිකිරීම් කටයුතු රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මැදිහත්වීමෙන් සිදුකර ඇත.

ඒ අනුව අගමැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) දිනයේ මෙම ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කර ප්‍රථම මල් පූජාව සිදු කරන ලදී.

Exit mobile version