මිලියන ගණනක විශාල මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් බන්ධනාගාරගත කෙරුණු තිලිණි ප්‍රියමාලි සම්බන්ධ සිද්ධිය පිළිබඳව තවත් ආන්දෝලනාත්මක කරුණු රාශියක් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා විසින් සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දා හෙළි කර තිබුණි.
එම හෙළිදරව් කිරීම හිටපු ගුවන් හමුදා නිලධාරියෙකු මෙන්ම නැෂනල් ඇලර්ට් වෙඩ් අඩවියේ ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු වන කීර්ති රත්නායක මහාතා විසින් සිදු කර ඇත.
ඔහු පෙන්වා දෙන්නේ තිලිණු ප්‍රියමාලි නමැත්තිය විසින් රුපියල් මිලියන 4000ක වංචාවක් සිදු කර ඇති බවත් මෙම වංචා පිටුපස නාමල් රාජපක්ෂ ද සිටින බවත් ය.
එමෙන්ම එම කරුණු අතර හෙළිදරව් වූ විශේෂිත කරුණ වන්නේ තිලිණි ප්‍රියමාලි අසාද් සාලි ගේ අනියම් බිරිඳ බවත් මොහු විසින් මෙම තිලිණි ප්‍රියමාලිගේ ව්‍යාපාරය වසර දෙකක් පුරාවට වක්‍රාකාරයෙන් මෙහෙයවීමට කටයුතු කර ඇති බවත් මේ වන විට ඔහු අනාවරණය කරගෙන තිබීමයි.
එමෙන්ම මෙම වංචා කළ මුදල් අද වන විට ශ්‍රී ලංකාව තුළ නොමැති බව පැවසුව ද එය අසත්‍ය බවත් එම මුදල් තවමත් ශ්‍රී ලංකාව තුළ තිලිණි ප්‍රියමාලි සහ අසාද් සාලි සතුව පවතින බවත් ඔහු මෙහි දී හෙළිදරව් කරනු ලබයි.
එමෙන්ම අද වන විට මෙම ආයතනය සතුව පවතින සම්පූර්ණ තැන්පත් මුදල මිලියන 10,000ක් බව ද අනාවරණය කර ඇත.
මොහු විසින් හෙළි කරන ලද තවත් ප්‍රභල කරුණක් වන්නේ මාලදිවයින් ජනාධිපතිගේ මුදල් පවා මෙම ආයතනය විසින් වංචා කර තිබීමයි.
කෙසේ නමුත් මෙම සියලු කරුණු සනාථ කිරීම සඳහා අවශ්‍ය කරන සියලු සාක්ෂි කීර්ති රත්නායක මහතා සතුව පවතින බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත.
සමස්ථ රටක් ලෝකයක් අවධානය යොමු කර ඇති මෙම කරුණ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර පහතින්,