මාස කිහිපයක් ඇතුළත ඇඹිලිපිටියේ මහා පරිමාණ ගංජා හේන් 24ක් වටලලා.

ඇඹිලිපිටිය ප්‍රදේශයේ මහා පරිමාණ ගංජා හේන් 24ක් වටලා පුද්ගලයන් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට ඇඹිලිපිටිය කොට්ඨාස විශේෂ අපරාධ පරීක්ෂණ ඒකකය ඇතුළු පොලිස් නිලධාරින් සමත්ව තිබේ.

එම 24 තුළට ඉතා කුඩා තවාන්,පාත්ති ආදිය ඇතුළත් නොවන බවද පොලිස් ආරංචි මාර්ග සදහන් කර තිබේ.

ඒ අනුව ඊයේ දිනද (23)පනාමුර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය අරික් කාලක පමණ ඉතා හොදින් වැඩී තිබූ ගංජා හේනක් වටලා තිබේ.

එහිදී වියළි ගංජා කිලෝ ග්‍රෑම් 50 යි ග්‍රෑම් 400ක් ද අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

Exit mobile version