මාස 6ක් පමණ වයසැති කුඩා දැරියකට අමානුෂික ලෙස පහර දීමේ හේතුවෙන් දැරියගේ පියා අත් අඩංගුවට ගත් බව වාර්තා වේ.දැරියගේ මව විදේශ ගතව ඇති අතර විදෙස්ගත්ව උපයන මුදල් මේ මස ලැබීමට ප්‍රමාද වීම හේතුවෙන් පියා විසින් කුඩා දැරියට අමානුෂික ලෙස පහර දී ඇති බව සදහන් . සැකකරුගේ පළමු බිරිද සහ ඇයගේ දැරියන් දෙදෙනා ද පොලීසියට ගෙන ගොස් ඇති අතර සැකකරු අද (10) හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ. සැකකරු බකමූණ අතරගල්ලෑව ප්‍රදේශයේ පදිංචි අයෙක් බව කියයි.
මෙම සැකකරු විසින් දරුවාට පහර දෙන වීඩියෝ පට කිහිපයක් විදේශගතව සිටින බිරිද වෙත යවා ඇති අතර පහර කෑමට ලක් වූ කුඩා සිගිත්තිය පොලිස් භාරයට ගෙන ඇති බව සදහන් කරයි.
