මැතිවරණය කල් දැමීමට එරෙහිව විපක්ෂය නැගිටියි.

විපක්ෂයේ දේශපාලන පක්ෂ මැතිවරණ කල්දැමීම ඇතුළු රජයේ ප්‍රජාතන්ත්‍ර විරෝධි වැඩපිළිවෙළට එරෙහිව පොදු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඊයේ (12) දිනයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයින් විශේෂ හමුවක් සිදුකර ඇත.

මෙම සාකච්ඡාව නිදහස් ජනතා සභාව විසින් සංවිධානය කර තිබූ අතර ඒ සඳහා ජාතික ජන බලවේගය හැර විපක්ෂය නියෝජනය කරන සෙසු සියලු පක්ෂවල නියෝජිතයින් එක්ව තිබුණි.

Exit mobile version