පොළොන්නරුවේ පැවති ජන රැලියකට සම්බන්ධ වෙමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා මැතිවරණ පැවැත්වීම සඳහා මීලගට ලබා දිය හැකි දිනය පිළිබද අනාවරණයක් සිදු කරන ලදි.
අනුර විසින් මෙසේ ප්රකාශ කර තිබෙන බවට වාර්තා වේ.
“අපේ රටේ පොදු ජනයා තමන්ගේ දේශපාලන පක්ෂයක් තෝරගෙන පෙළගැසෙමින් තිබෙනවා. මේකයි ඡන්දෙ කල්දාන්න හේතුව . ඒකට කලබල වෙලා.”
“ඡන්දෙ පස්සට දාන දවසක් දවසක් ගානේ මාලිමාව තව වර්ධනය වෙනවා.”
“රනිල් ඔයා කපලා තියෙන බොරු වලේ ඔයාම වට්ටලා විතරයි මේක නතර කරන්නේ.”
“සහෝදර සහෝදරවරුනී කලබල වෙන්න එපා. බොහෝ දුරට මැයි මාසයෙන් පස්සේ දිනයක් දෙයි ඡන්දේ තියන්න. ඒගොල්ලන්ගේ ඉඟිබිඟිවලින් මට තේරුණේ මාර්තුවල ඡන්දයක් නැහැ. අප්රේල්වලත් නැති වෙයි. කොමිසම මාර්තු තීන්දුවක් ගනී. ඔය ඔක්කොම සෙල්ලම් ගැහුවත් උපරිම අවුරුද්දයි. අවුරුද්දක් යන්න මත්තෙන් මේක අපි වෙනස් කරනවා.”
