මැති ඇමතිවරු වතුරටත් පොලු තියලා. පොලු තියපු සමහර ඇමතිවරු මිය ගිහිල්ලා…….

දේශපාලන නායකයන් යනු හොරු හෝ වංචනිකයන් නොවිය යුතුය. දේශපාලඥයන් අප පත් කරන්නෙ රට දියුනු කර මානව පැවැත්ම යහපත්ව පවත්වාගෙන යෑම සදහාය. නමුත් ඔවුන් හොරුන්, දුෂිතයන් මෙන්ම වංචනිකයන් නම් ජනතාවට හෝ රටට කිසිම දිනක යහපතක් සිදු වන්නේ නැත. ශ්‍රී ලංකාවට අද උරුමව තිබෙන්නේ දේශපාලන විද්‍යාවට පටහැනිව පාලනය කරන සහ පාලනය කල හොරු රැලකගේ දුෂිත ගැටවල හිර වීමටය.

එවැනි තවත් දුෂිත රැලක් පිලිබදව මව්බිම අනාවරණ කර තිබේ. එයට අනුව රුපියල් කෝටියකට අධික ජල බිල්පත් ගෙවීම පැහැර හැර ඇති ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන්ගේ ගණන 60 කි.
ඔවුන්ගේ ජල සැපයුම විසන්ධි කිරීමට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පියවර ගෙන තිබේ.

මීට අමතරව රුපියල් කෝටි හත්සියයකට අධික ජල බිල්පත් ගෙවා නැති ජල පාරිභෝගිකයන්ගේ ජල සැපයුම් විසන්ධි කිරීම කෙරෙහි ද එම මණ්ඩලයේ අවධානය යොමුව ඇත.

දිවයින පුරා පිහිටි ජල පාරිභෝගිකයන් විසිඅට ලක්ෂයකින් දස ලක්ෂයකට වැඩි පිරිසක් එසේ ජල බිල්පත් ගෙවා නැති බව ද එම අමාත්‍යංශ ප්‍රකාශකයෙක් පැවැසීය.

ජල බිල්පත් ගෙවා නොමැති මැති ඇමතිවරුන් පිරිසක් මේ වන විට මියගොස් ඇති බව ද එම ප්‍රකාශකයා වැඩිදුරට ත් පැවසීය.

රාවණා සටහන.

බලය තිබු පමණින් එය භාවිතා කරමින් සිදු කර ඇති මෙවන් විනාශ නිසාම අද වන විට රටට මෙම තත්ත්වය උදා වී ඇත.

දැන්වත් මේ පිළිබඳව අවධානය යොමු කර සොයා බලා අවශ්‍ය කටයූතු සිදු කරන මෙන් රට වෙනුවෙන් අප ඉල්ලා සිටින්නෙමු.

Exit mobile version