මැයි 09 ජනතා විලාපයේ ගිනි තවමත් දැල්වේ.

බස් රථයකට පහර දී විනාශ කළ සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

මැයි මස 09 වනදා රට තුළ ඇති වූ ප්‍රචණ්ඩකාරී වාතාවරණය තුළ දී බස් රථ කිහිපයක්ම පරහර දී ගිනි තබා විනාශ කළ අයුරු අප දුටිමු.

මෙසේ කලහකාරී ලෙස හැසිරෙමින් කඩුවෙල ප්‍රදේශයේ දී බස් රථයකට ගිනි තබා විනාශ කිරීම සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර ඇත.

අදාළ විමර්ශනවලට අනුව ඊයේ (29) දහවල් කඩුවෙල ප්‍රදේශයේ දී අදාළ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙකු කඩුවෙල පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් කඩුවෙල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19,20,29 හා 40 පසුවන පුද්ගලයින් බව ද පොලිසිය ප්‍රකාශ කර ඇත.

අදාළ සැකකරුවන් අද (30) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර කඩුවෙල පොලිසිය මේ සම්බන්ධ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.

රාවණා සටහන

මැයි 09 වනදා සිදු වූයේ කුමක් ද යන්න මුල සිට අගට ඔබ අප සියලු දෙනා හොඳින් මතකයේ තබා ගත යුතුව ඇත.මක් නිසාද යත්, සාමකාමී විරෝධයක නිරතු වූ තරුණ පිරිසට පහර දී ඔවුන් වෙනුවෙන් රටේ සියලු ජනතාව ප්‍රචණ්ඩකාරීන් බවට පත් කළේ ද එකල සිටි පාලක පන්තිය වන අතර එසේ පොලු මොගුරු රැගෙන විත් ම්ලේච්ඡ ලෙස කාන්තාවන්ට පවා පහර දුන් පිරිස් තවමත් නිදැල්ලේ සිටින බව ද මතකේ තබා ගත යුතුව ඇත.

Exit mobile version