ශ්‍රී ලංකාවේ බහුතර ජනයාගේ ආගම බෞද්ධයි. ගිහි බෞද්ධ ජනතාව පංචශීලය මත ජීවත්වීම වඩාත් යහපත් බව බෞද්ධ දර්ශනය තුල ඉගැන්වේ. එම හේතුව නිසාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය යටතේ “ බෞද්ධාගම සුරක්ෂිත කොට පෝෂණය කල යුත්තේය” ලෙස සදහන් වන අතර රාජ්‍ය පාලනයට අවශ්‍ය පාලකයන් තෝරාගන්නා මහජන නියෝජිතයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට තම දිවුරුමේදී පොරොන්දු වෙයි.
නාමල් රාජපක්ෂ යනු මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයාය. දේශපාලඥයා තෝරාගනු ලබන්නේ ජනතාව විසින් නොහොත් ජනතාවට සුදුසු පුද්ගලයාය. ඔහු ආමන්ත්‍රණය කල යුත්තේ මිනිසුන් සොයන ගුණාංගය. කෙසේ නමුත් නායකයාට බහුවිධ හැකියාවන් තිබිය යුතුය. සැබෑ නායකයන් හොරුන් හෝ මන්කොල්ලාකරුවන් නොවේ. ඇමරිකානු විපලවවාදී තෝමස් පේන්ට අනුව “ නායකත්වය දිය යුත්තේ කවදාද?, තම නායකත්වය අනුගමනය කල යුත්තේ කවදාද?, සහ තමන් නායකත්වයෙන් ඉවත් විය යුත්තේ කවදාද?” යන්න පිලිබදව තමන්ට දැනීමක් තිබිය යුතුය.
පලදායි නායකයන් බොහෝ දේ කරයි. ඔවුන් අනාගතය සඳහා හවුල් දැක්මක් සහ වර්තමානය සඳහා ශක්‍ය උපායමාර්ගික සැලසුම් නිර්මාණය කරයි. අවශ්‍ය දේට ඇහුම්කන් දෙමින් අවශ්‍ය දේ සාක්ෂාත් කර ගැනීමට මාර්ග සාකච්ඡා කරති. ඔවුන් පුද්ගලයන් සහ කණ්ඩායම් ඔවුන්ගේ සැලසුම් සඳහා සහයෝගය වර්ධනය කර ගනිමින් තීරණ ගැනීමේ සහ ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ ක්‍රියාවලීන්ට ඇතුළත් කරයි. නමුත් නාමල් රාජපක්ෂ මහතාගේ කණ්ඩායම එසේ කරනවා වෙනුවට සිදුකරනුයේ පළිගැනීමේ ක්‍රියාවලියක නිරත වීමයි. එසේම නාමල් රාජපක්ෂ ඇතුළු පුද්ගලයන් සැබවින්ම අවංක නායකයන්ද?, නැද්ද?, යන්න පිලිබදව තීරණය සමස්ත රට වැසියන්ම තීරණය කර තිබුනත් විද්‍යාත්මකව පිළිගන්නා යා යුතු තැන යාමට ඔවුන් අසමත්ව හෝ එසේ යාමට තම මනස එකග නොවන තත්වයක තිබෙන බවද පැහැදිලිය.
වැලිමඩ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනහමුවක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව ප්‍රකාශ කල අතර මෙරට තිබෙන්නේ බලපොරයක් විනා දේශපාලනයක් නොවන බව තව දුරටත් පැහැදිලිය.
කෙසේ නමුත් රටේ ප්‍රශ්නයක් ඇති කලේ මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂවරුන් බවට මේ වන විටත් රට තුල පමණක් ලෝකයම පුරාම ප්‍රචාරය වී අවසන්ය. ඒ කෙසේ වෙතත් ඔවුන් කිසිවෙකුටත් නඩු පවරා ඔවුන් කල අපරාධයන් පිලිබදව නීතියට අනුව ඔප්පු කර නැත.
නීතියට අනුව ඔප්පු නොකලත් මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩි කාලයක් මෙරට පාලනය කල අතර රාජ්‍ය පරිපාලනය දූෂිත වන ලෙස විවිධ අනපනත් රැගෙන ඇවිත් ශ්‍රී ලංකාව අන්ත දුප්පත් රාජ්‍යයක් බවට පත් කලේ ඔහු විසිනි. එසේම මෙරට තිබු වාර්ගික යුද්ධය අවසන් කලේද ඔහු වන අතර ඔහුගේ පුත් නාමල් රාජපක්ෂ මහතා සදහන් කරන්නේ අරගලය කල තරුණ තරුණියන් පුනරුත්තාපනය කල යුතු බවයි. එම අරගලයට ලක්ෂ ගනාවක් සහභාගි වූ බවද නොරහසකි. එසේ නම් නාමල් රාජපක්ෂට අනුව අරගලයේ සිටි ලක්ෂ ගන්නාවම පුනරුත්තාපනය කල යුතු අතර ප්‍රශ්නය ඇතිකළ රාජ්‍ය පාලකයන් පුනරුත්තාපනය කල යුතු නොවේ.
එසේම ඔහුගේ නිවස, තම බිරියගේ නිවස, තමාගේ පියාගේ නිවස ඇතුළු නිවාස ගිනි තැබීම් මෙහෙයවූ පුද්ගලයන්ට දඬුවම් ලබා දිය යුතු බව ද මන්ත්‍රීවරයා සඳහන් කරන අතර අපද කිසිම දිනක එවැනි ක්‍රියාවන් අනුමත නොකරන නමුත් එය සිදුවන්නේ මැයි 9 වැනිදා ප්‍රහාරයත් සමගය. එදින එවැනි ම්ලේච්ච ප්‍රහාරයක් සිදු නොවුනේ නම් ඔහු පවසන ආකාරයේ භීෂණ රැල්ලක් රට තුල නිර්මාණය නොවන අතර මුලින්ම පුනරුත්ථාපනය කල යුත්තේ රටේ ජනතාව කුපිත කරන ලද මැයි 9 වැනිදා සිද්ධියට පැමිණි සියලුම දෙනාය.
ඒ අනුව මෙරට තිබෙනෙන් බලපොරයක් විනා දේශපාලනයක් නොවන බව ඔබට වැටහෙනු ඇත.
