මැලේරියා අවදානමක්

මැලේරියා මර්දන ව්‍යාපාරය විසින් මෙරටට අප්‍රිකානු රටවල් ඔස්සේ පැමිණෙන පුද්ගලයින් හරහා මැලේරියා රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවට අනතුරු අඟවා ඇත.

මේ වර්ෂය තුළදී මෙරටින් මැලේරියා රෝගීන් 25 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් 24 දෙනෙකුම අප්‍රිකානු රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයින් බව මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා ප්‍රකාශ කරයි.

මෙනිසා විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පෙන්වා දෙන්නේ අප්‍රිකානු රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයන් සඳහා මැලේරියා පරීක්ෂාව සිදුකිරිමට තීරණය කර ඇති බවයි.

එමෙන් ම මෙම මස තුළ දී හඳුනාගැනුණු මැලේරියා රෝගීන් දෙදෙනා යාපනය දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති බවත් ඉන් යාපනය දිස්ත්‍රික්කය තුළ මැලේරියා අවදානමක් ඇති බවත් ඔහු මෙහි දී වැඩිදුරටත් සඳහන් කර ඇත.

Exit mobile version