එළබෙන සති කිහිපය තුල මැතිවරණයක බලාපොරොත්තු දල්වමින් මැලේසියා පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට එරට අග්‍රාමාත්‍ය ඉස්මයිල් සබ්රි යාකොබ් කටයුතු කර ඇත.
මැතිවරණ කොමිසම මගින් මැතිවරණය පවත්වන දිනය අවසාන වශයෙන් නිවේදනය කිරීමට නියමිතව ඇත.
පාර්ලිමේන්තුව විසුරුවා දින 60 ක් ඇතුලත එරට මහා මැතිවරණය පැවැත්විය යුතුය.
අගමැතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කර ඇත්තේ සභාග රජයේ පාර්ශව අතර පවතින ගැටළු හේතුවෙනි.
