මිට්සුබිෂි ලංකාවට සමු දෙයි.

ජපානයේ ඉහළම ක්ෂේත්‍රයේ තිබෙන ව්‍යාපාර සන්නාමයක් වන මිට්සුබිෂි සමාගම ලංකාවෙහි සිදු කරන මෙහෙයුම් කටයුතු මාර්තු මාසයේ අවසන් කිරීමට තීරණය කර තිබේ.

ලංකාවේ සැහැල්ලු දුම්රි ව්‍යාපෘතිය, තාවකාලික අත්හිටුවීම්, ස්භාවික ද්‍රව්‍ය වායු ව්‍යාපෘතිය ඇතුළු ජපාන නව ව්‍යාපෘති යෝජනා අවලංගු කිරීම මෙම මිට්සුබිෂි සමාගම මෙහෙයුම් කටයුතු නැවැත්වීම හේතු වේ

ලංකාව සහ ජපානය අතර ද්විපාර්ශික සබදතා වල ප්‍රධාන හවුල්කරැවෙක් වන මිට්සුබිෂි සමාගම වසර 60 කට ආසන්න කාලයක සිට මෙරට ව්‍යාපෘති වලට යටිතල පහසුකම් සපයා තිබේ.

ඒ අනුව මිට්සුබිෂි සමාගමේ කොළඹ පිහිටි කාර්‍යාලය මාර්තු මස 31 වන දින වසා දැමීමට තීරණය කර තිබේ

Exit mobile version