ගම්පහ දුම්රිය ස්ථානයේ දී දක්නට ලැබුණු එක්තරා සිදුවීමක් අපගේ හදවත් ඇදබැඳ ගැනීමට සමත් විය.
ඒ දුම්රිය ස්ථානයේ වැටී සිටි කුරුළු පැටවෙකුගේ දිවි බේරා ගැනීමට වෙහෙස වන තරුණයින් දෙදෙනෙකි.
එක් අයෙකුගේ කර මතට නැගී අනෙකා වෙහෙස වන්නේ මෙම කුරුලු පැටවාගේ දිවි බේරා ගැනීමටය.
සතෙකුගේ ජීවිතයක වුව ද වටිනාකම හඳුනාගත් මෙම තරුණයින් දෙදෙනා අපට සැමට ආදර්ශයකි.
තවකෙකු පාගාගෙන ඉදිරියට ඒමට වෙර දරන මිනිසුන් සිටින සමාජයක මෙවැනි උතුම් මිනිසුන් ද දක්නට ලැබීම සතුටට කරුණකි.
මිනිස් ජීවිත පවා තුට්ටුවට ගණන් ගෙන ඇති කාල සීමාවක් තුළ දී ධනය බලය වෙනුවෙන් අහිංසක ජීවිත පවා බිල්ලට දීමට සූදානම් නොමිනිසුන් සිටින කාලයක් තුළ මෙවැනි සිදුවීම් සමස්ථ සමාජයට ම ආදර්ශයකි.
