කපා කොටා අමානුෂික ලෙස කාන්තාවක් ඝාතනය කොට ඇති බව මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තාවේ.
මිනුවන්ගොඩ යාගොඩමුල්ල ප්‍රදේශයේ ඇයගේ නිවස තුලදීම කාන්තාව ඉතා අමානුෂික ලෙස කපා කොටා ඝාතනය කොට පසුව සැකකරුවන් විසින් නිවසට ගිනි තබා ඇති බව වාර්තා වේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ යාගොඩමුල්ල ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි ශාන්ති පද්මිණි නැමති මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත්වීමට නියමිතව සිටි කාන්තාවක් බවයි වාර්තාවන්නේ.
මිනුවන්ගොඩ පොලීසිය මගින් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කොට තිබේ.














































