මියගිය ඉරාන ජාතිකයින්ගේ දේහ පවුලේ අය පැමිණෙන තෙක් සුරක්ෂිතව තැබේ.

පසුගිය දිනක විෂබීජ නාශක දියර පානය කිරීමෙන් ජීවිතක්ෂයට පත් ඉරාන ජාතිකයින් දෙදෙනාගේ මෘත දේහ එම පවුල්වල සාමාජිකයින් සතියක් ඇතුළත මෙරටට ගෙන්වා ගන්නා තෙක් සුරක්ෂිතව තබන ලෙසට ඉරාන තානාපති කාර්යාලය දැනුම් දී ඇත.

මෙලෙස මියගිය පුද්ගලයින් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනිම සහ ජාවාරම් කිරීම යන චෝදනා මත බන්ධනාගාරගත කර සිට ඇති අතර එහි දි මොවුන් දෙදෙනා ඇතුලු  තවත් ඉරාන ජාතිකයින් පිරිසක් විසින් විෂබීජ නාශක දියර පානය කර ඇත.

කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෘත ශරිරාගාරයේ එක් මෘත දේහයක් තබා ඇති අතර අනෙක් මෘත දේහය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ ද තබා ඇති අතර අදාළ මෘත දේහ පිළිබඳ මරණ පරීක්ෂණ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය යටතේ සිදු කිරීමට නියමිතය.

Exit mobile version