මියන්මාරයේ වයඹදිග ප්‍රදේශයේ ප්‍රබල භූ චලනයක් හටගෙන ඇත.
භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 5.6ක අගයක් ලෙස සටහන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එරට භූ කම්පන මධ්‍යස්ථානය සඳහන් කළේ මෙම භූ කම්පනය මියන්මාරයේ මොනිවා සිය වයඹ දෙසින් කිලෝමීටර් 112ක් පමණ දුරකට දැනී ඇති බවයි.
කෙසේ නමුත් භූ කම්පනයෙන් සිදු වූ ජීවිත හානි හෝ දේපළ හානි පිළිබඳව මේ වන තෙක් වාර්තා වී නොමැත.
