‌මිල්කෝ ආයතනය සිය නිෂ්පාදන මිල වැඩි කරන්නේ නැහැ.

තම කිසිඳු නිෂ්පාදනයක මිල වැඩි කිරීමක් සිදු නොකරන බව මිල්කෝ ආයතනය පවසයි. සිය ආයතනය කිරිපිටි නිෂ්පාදන කටයුතු යළි ආරම්භ කළ බවත් එම නිෂ්පාදන අප්‍රේල් පළමු වනදා සිට වෙළද පොළට නිකුත් කරන බව එහි සභාපති රේණුක පෙරේරා පවසයි.

අමුද්‍රව්‍යවල මිල ඉහළ ගියත් එය පාරිභෝගිකයාගෙන් අය කරගන්නේ නැති බව මිල්කෝ ආයතනයේ සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කරයි.

Exit mobile version