මීට දින කිහිපයකට පෙර අධිවේගී මාර්ගයේදී ප්‍රවාහනය කරමින් තිබු අධි සුඛෝපභෝගී වාහන මෙරටට අමෙරිකාවෙන් ප්‍රති අපනයනය සදහා ගෙන් වූ ඒවා බව අනාවරණය වේ.
මෙරටට වාහන ගෙන්වීම නවතා ඇති මොහොතක මෙසේ වාහන ගෙන්වීම පිළිබඳව ජනතාව අතර විවිද කතා බහ ඇති වූ අතර මේ වාහන වර්ගය වම් පසින් ධාවනය කරන බවත් ඒවා මෙරටට ගෙන්වා දකුණු පැත්තෙන් ධාවනය කල හැකි ලෙස නවීකරණය කර බ්‍රිතාන්‍ය වෙත යවන බවද එම වාහන ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියකින් 2003 වර්ෂයේ මෙරටට ගෙන්වා ඇති බවද සදහන් වේ.
එම කැඩ්ලක් එක්සලාඩේ (cadillac escalade) වර්ගයේ මෝටර් රථ දෙක බ්‍රිතාන්‍ය වෙත අපනයනය කිරීම සදහා කෙරවලපිටියේ පිහිටි ඔටෝ ග්රූප් ඉන්ටර්නැෂනල් සමාගමේ වාහන අංගනය වෙත රැගෙන යමින් සිටියදී මෙසේ යම් පුද්ගලයෙකු වීඩියෝ කර මුහුණු පොත වෙත මුදා හැර ඇති බව සමාගම පවසයි.