ස.තො.ස හරහා අලෙවි කරනු ලබන සහල්, පරිප්පු ඇතුළු තවත් භාණ්ඩ කිහිපයකම මිල පහළ දමා ඇත.
අත්‍යවශ්‍ය භාණ්ඩ තොග සහිතව මෙම මිල අඩු කිරීම සිදු කළ බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ස.තො.ස සභාපති පසඳ යාපා මහතා සඳහන් කළේ.
එමෙන්ම අඩු ආදායම් ලාභී වතුකර ජනතාව ජීවත්වන ප්‍රදේශවල පිහිටි සතොස අලෙවිසැල් හරහා පාන් පිටි කිලෝවක් රු.310ක මිලකට අලෙවි කිරීමට ද පියවර ගෙන ඇති බවයි සතොස සභාපති වරයා වැඩිදුරටත් සඳහන් කළේ.
මෙසේ මිල අඩු කළ භාණ්ඩ,
| භාණ්ඩය | පැවති මිල(රු) | අඩුකළ මිල(රු) | නව මිල(රු) |
| ආනයනික සුදු කැකුළු | 195.00 | 10.00 | 185.00 |
| ආනයනික සුදු නාඩු | 198.00 | 04.00 | 194.00 |
| රතු පරිප්පු | 460.00 | 31.00 | 429.00 |
| සුදු සීනි 1kg | 298.00 | 19.00 | 279.00 |
| හාල් මැස්සන් 1kg | 1375.00 | 25.00 | 1350.00 |
| සුදු ලූණු 1kg | 750.00 | 155.00 | 595.00 |
| වටානා 1kg | 375.00 | 50.00 | 315.00 |
