මීරිගමදී පුද්ගල ඝාතනයක් .

මීරිගම පොලිස් වසමේ මීරිගම පොදු වෙළෙද සංකීර්ණය තුළදී වෙළෙදාම් කටයුතු සදහා පැමිණි දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලකින් ඝාතනයක් සිදුව ඇති බවට වාර්තා වේ.

පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ ඊයේ (10) රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති බවයි.

තියුණු ආයුධයකින් පහරදී බරපතළ තුවාළ ලැබූ පුද්ගලයා ගිලන් රථයකින් රෝහල් ගත කිරීමටත් පෙර ජීවිතක්ෂයට පත්ව සිටි බවට අනාවරණය වේ.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 55ක් වූ මීරිගම ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර ඝාතනය සිදුකළ පුද්ගලයා මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.

Exit mobile version