පුංචි ඡන්දයේදී කොළඹ මහනගර සභවේ සභිකයෙකු ලෙස ඉදිරිපත්වීම සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී දූරයෙන් ඉල්ලා අස් විය.
නමුත් පාර්ලිමේන්තුවෙන් ඔහුට ඉල්ලා අස් නොවන මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයාට පණිවිඩයක් යැවූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කෙළේය.
මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට ගෙනාවේ තමා බවද ඔහු බිල්ලට දෙන්න යන බව තමා දැන සිටියේ යැයිද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළේය
“මම තමයි මුජිබර් රහුමාන් මන්ත්‍රීතුමාව ගෙනාවේ. ඉතින් ඒ නිසා මම පණිවිඩයක් යවලා කිව්වා එතුමාට පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වෙන්න එපා කියලා. දැන් සමහරු කියනවා මම ඡන්දය කල් දාලා කියලා. මම අහනවා කල්දාන්න කොහෙද ඡන්දයක් තියෙන්නේ කියලා” යි ඔහු ප්‍රශ්න කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,“විපක්ෂ විවාදය ඉල්ලුවේ අත්‍යවශ්‍ය සේවා ගැන නෙමෙයි. ඡන්දෙ කල් දානවා කියලයි. ඡන්දෙ කල් දමා නැහැ. කල් දාන්න ඡන්දයක් නැහැ. මම මේ විවාදයට ඇතුල් වුණේ නෑ. මම කලින්ම මේ බව කිව්වා. මට දේශපාලනය උවමනා නෑ කියා මා කිව්වා.මැතිවරණ කොමිසමත් මේ ඡන්දෙ ගැන උසාවියට ගිහින් කියනවලු ඡන්දයක් පවත්වන්න බැහැ කියලා. දිවුරුම් පෙත්සම දුන් නිසා වචන කීපයක් කතා කරන්න මා සිතුවා” යයි ඔහු ප්‍රකාශ කළේය.














































