නීතිවිරෝධී ලෙස මුදල් ඔට්ටුවට සූදු සෙල්ලම් කරමින් සිටි පුද්ගලයන් පිරිසක් අරණායක කීරපනය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.
අරණායක පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදු කළ මෙම වැටලීමේදී අත්අඩංගුවට ගත් පිරිස අතර සැකකරුවන් 11ක් සමග සැකකාරියක් ද සිටින බව සදහන්.
සැකකාරිය අවුරුදු 27ක තරුණියක් වන අතර අනෙක් සැකකරුවන් අවුරුදු 19ත් 57ත් පසුවන්නන් බවට අනාවරණය වේ.
සැකකරුවන් සියලු දෙනා අද (30) මාවතගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අරණායක පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබන බව සදහන්.
