මුදිත වැඩ පෙන්වයි. ගෑස් බස්සයි.

ලිට්රෝ ගෑස් සභාපති මුදිත පීරිස් මහතා මේ වන විට ගෑස් මිල ක්‍රමක්‍රමයෙන් අඩුකරමින් පවතින බව පෙනේ. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්රෝ ගෑස් මිල අඩු කර තිබේ.

සභාපතිවරයා සඳහන් කරන්නේ, 12.5kgක ගෑස් සිලින්ඩරයක මිල රු. 271කින් අඩු කර ඇති බවත් එහි නව මිල රු. 4,280ක් බව ය.

එ‍මෙන් ම, 5kg ගෑස් සිලින්ඩරයක මිල රු. 107කින් අඩු කර ඇති අතර එහි නව මිල රු. 1720ක් වන බව ත් 2.3kg ගෑස් සිලින්ඩරයක මිල රු. 48කින් අඩු කර ඇති අතර එහි නව මිල රු. 800ක් වන බව සදහන් කරන ලදී.

කෙසේ නමුත් මුදිත පීරිස් මහතාටද විවිධ දුෂණ චෝදනා එල්ල වී තිබේ. ඒවා කෙසේ වෙතත් පැවැති මිලටම ජනතාවට ගෑස් ලබා දීමට ඔහු සැබෑම වැඩ කාරයෙකු වන අතර වෙනත් චෝදනා අදාල නොවනු ඇත

Exit mobile version