මුරකරුවෙකුට අත් වූ අවාසනාවක්.

Dead woman lying on the floor under white cloth with focus on hand

කොච්චිකඩේ, දළුවකොටුව ප්‍රදේශයේ පිහිටා ඇති වාහන අලෙවිකිරීමේ ආයතනයක සේවය කරන ලද මුරකරුවෙක් ඝාතනය කර ඇත.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ එම ස්ථානය කඩා වැදි පිරිසක් විසින් ඔහුගේ අත් පා ගැට ගසා අලෙවි ආයතනයේ ගාල් කර තිබූ මෝටර් රථ තුනක රු.තුන්ලක්ෂ අසූදහසක් වටිනා පැති කණ්ණාඩි යුගල 03ක් සොරකම් කර ඇති බවයි.

සිදුවීමට පසුදින ආයතනයේ හිමිකරු පැමිණ මුරකරු පිළිබඳ සොයා බැලීමේ දී ඔහුගේ මළ සිරුර හමුව ඇත.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 66ක් වන පුද්ගලයෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් කොච්චිකඩේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Exit mobile version