මුහුදුබඩ දුම්රිය මාර්ගයන්හි ධාවනයේ පැන නැගී ඇති ගැටලු සැලකිල්ලට ගනිමින් එම ප්‍රදේශයන්හි උදෑසන කාර්යාල දුම්රිය ධාවන වේලාවන් සංශෝධනය කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව අද (20) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම සංශෝධිත කාලසටහන සකස් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම දුම්රිය ධාවන වේලාවන් සංශෝධනය කිරීමට පියවර ගෙන ඇත්තේ, කොළඹ කොටුව සහ පානදුර අතර දුම්රිය මාර්ගවල දුර්වල තත්ත්වයේ පැවතීම හේතුවෙන් වේග සීමා ක්‍රියාත්මක කිරීමට සිදුවීම, දුම්රියවල ගමන් ගන්නා මගී ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් දුම්රිය ස්ථානයක නැවැත්වීමට ලබා දී ඇති කාලය ඉහළ යාම වැනි කරුණු සැලකිල්ලට ගනිමින් බව වාර්තා වේ.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මුහුදුබඩ දුම්රිය මාර්ග උදෑසන කාර්යාල දුම්රියන්හි ධාවන වේලාවන් ද අද දින සිට සංශෝධනය වන අතර මිනිත්තු 10 – 15 ත් අතර කාලයකින් ධාවන වේලාවන් සංශෝධනය කිරීමට කටයුතු කළ බවයි.
ඒ අනුව දුම්රිය ධාවනය වූ වේලාවට මිනිත්තු 10කට හෝ 15කට පෙර නව සශෝධිත දුම්රිය කාලසටහන අනුව දුම්රිය ධාවනය කිරීමට සැලසුම් කර ඇත.
එමෙන්ම ප්‍රගති සමාලෝචනය කිරීමෙන් අනතුරුව ඉදිරියේ දී පස්වරුවේ ධාවනය වන කාර්යාල දුම්රිය කාල සටහන ද සංශෝධනය කිරීමට නියමිත බව ද වාර්තා වේ.
