මූන්දලම පොලිස් ස්ථානාධිපති ජාත්‍යන්තර සම්මුතියක් කඩයි.

මූන්දලම පොලිස් ස්ථානාධිපති විසින් යම් පවුලක් වෙනුවනේ සිදු කරනු ලබන අසාධාරණයක් පිලිබදව විඩියෝවක් සමාජ මාධ්‍යජාලවල සංසරණය වෙයි. එම කාරණාවට අනුව අප විමසීමක් සිදු කල අතර එහිදී මූන්දලම පොලිස් ස්ථානාධිපති විසින් ප්‍රකාශ කලේ එය බොරුවක් බවයි.

අප තව දුරටත් කරුණු විමසීමේදී ඔහු ප්‍රකාශ කලේ එම ඉඩමේ ඔවුන් පදිංචිව සිටින්නේ නීති විරෝදී ලෙස බවත්, ඒ අනුව එම කාන්තාවගේ සැමියා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල බවද, ඔවුන් එම ස්ථානයෙන් ඉවත් කිරීම සදහා අධිකරණයෙන් තමන්ට නියෝගයක් ලබා දී තිබෙන බවද පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කරන ලදී.

කෙසේ වුවත් පොලිස් ස්තානාධිපතිවරයා එම පුද්ගලයා අත් අඩන්ගුවට ගැනීමට කට උත්තරයක් ලබා ගැනීම සදහා පොලිසියට පැමිණෙන ලෙස කතාකරන අතරතුර එම පිරිමි පුද්ගලයා එම ඉඩම තමන්ට අයත් බව ප්‍රකාශ කරමින් යම් ලියවිල්ලක් ඉදිරිපත් කලද එය ලබා නොගෙනම ඔහුව අත් අඩංගුවට ගැනීමක් සිදු කරන බව වීඩියෝව තුල සදහන් වේ. කෙසේ වුවත් එසේ අත් අඩංගුවට ගැනීමට පොලිසියට බලතල නැති අතර ඉඩම් සම්බන්ධ කාරනාවලදී එසේ කිරීමට කිසිම බලයක් පොලිසියට නැත.

එසේම යුතු ඇතුල් වීමක් පිලිබදව කරනාවකදී ඔවුන්ව ඉවත් කිරිම සදහා අධිකරණයන් තීන්දු කරන්නේ නම් එසේ සිදු කරනුයේ පොලිසියේ කරුණු දැක්වීම් මත පමණි. නමුත් මෙම වීඩියෝවේ පොලිස් අත් අඩංගුවට ගැනීමේ කොටසින්ම් පෙනෙන්නේ සාමකාමී මිනිසෙකු නීතිවිරෝදී ලෙස අත් අඩංගුවට ගන්නා අකාරයයි.

මෙහිදී 1994 අංක 22 දරන ජාත්‍යන්තර සම්මුති පනත මෙන්ම ලංකා දණ්ඩ නීති සංග්‍රහ පනත යටතේ කියවෙන වැරදි කිහිපයක් අදාළ අත් අඩංගුවට ගැනීම කරන නිලධරියා මෙන්ම පොලිස් ස්ථානාධිපතිවරයා සිදුකරන බව පැහැදිලිවම පෙනෙන්නට තිබේ.

කෙසේ නමුත් අදාළ කාන්තාව කියන කාරණා දෙසද මානව වාදී ලෙස බැලිය යුතු අතර මේ පිලිබදව වහාම සොයා බලා අදාළ නිලධාරීන්ට විරුද්ධව කටයුතු කිරීම සහ එම පිරිමි පුද්ගලයාට අසාධාරණයක් සිද්ද වී තිබේනම් ඒ පිලිබදව සොයාබැලීම සිදුකර පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්ති නාමය සුරක්ෂා කිරීම මෙන්ම අදාළ පුද්ගලයනට යුක්තිය ඉටු කිරීමද සිදු කල යුතුය.  

Exit mobile version