මූල්‍ය අරමුදලෙන් අපේක්ෂා කළ ණය මුදල ප්‍රමාද වන බවට වාර්තාවක්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපේක්ෂා කළ ණය මුදල ශ්‍රී ලංකාවට දෙසැම්බර් මාසයේදී ලබාගැනීමට නොහැකි වන බවට ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත.

මෙම ගැටලුව ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය තවදුරටත් ව්‍යාකූල කරන බවයි ආර්ථික විශේෂඥයින් උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා ක‌ෙළ්.

චීනය ණය ප්‍රතිව්‍යුහගතකරණයට  අදාළ සාකච්ඡා ආරම්භ කිරීමට කටයුතු නොකිරීම මෙම ණය මුදල ලබාගැනීමට නොහැකිවීමට බලපා ඇති ප්‍රධානම හේතුව බව  සඳහන් කරයි.

මෙනිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් දෙසැම්බර් මස වන විට ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක් ලබා ගැනීම සඳහා වන කොන්දේසි සම්පූර්ණ කර ගැනීමට අවස්ථාව හිමි නොවනු ඇති බවත් එම පසුබිම මත මෙම ණය මුදල ලබා ගැනීම සඳහා එළඹෙන වසරේ මාර්තු මාසය වන තෙක් බලා සිටීමට සිදුවන බවත් වාර්තා වේ.

Exit mobile version