මෙරටට හිමිව ඇති අඩුම ගුරුත්වාකර්ෂණයේ වාසිය.

පෘථිවියේ ගුරුත්වාකර්ෂණය අඩුම ස්ථානය ශ්‍රී ලංකාවේ දකුණු කෙළවර පිහිටා ඇති බව නාසා ආයතනය විසින් වසර ගණනාවක පටන් සිදු කරනු ලැබූ පරීක්ෂණවලින් හෙළි වී තිබේ.

ඒ අනුව එලෙස අඩුම ගුරුත්වාකර්ෂණ බලය පෘථිවියෙන් ස්වභාවිකවම ලැබුණු දායාදයක් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යාව පිළිබද මහාචාර්‍ය අතුල සේනාරත්න මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ මහාචාර්‍යවරයා,

“ගුරුත්වාකර්ෂණය අඩු නිසා පොළොවේ ඉඳන් කිසියම් දෙයක් ඉහළට විසිකරන කොට අපි ලබාදීමට අවශ්‍ය ශක්තිය අනෙක් තැන්වලදී කරනවාට වඩා අඩුයි. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත්.. රොකොට්ටුවක් කක්ෂගත කරන්න අමෙරිකාවේ කැනවරල් තුඩුවෙන් යොදන ශක්තියට වඩා අඩු ශක්තියකින් අපේ ලංකා භූමියෙන් රොකොට්ටුවක් ඉහළට ඔසවන්න පුළුවන්. එයත් ආර්ථික වශයෙන් ගත්තාම ඩොලර්ස් වලින් බැලුවොත් විශාල අගයක්. සර් ආතර් සී ක්ලාක් කිව්වා ලංකාව හොඳ ස්ථානයක් අභ්‍යවකාශයට වාහන යවන්න කියලා. පෘතුවියෙන් ස්භාවිකවම අපට ලැබුණු දායාදයක් කියන්න පුවවන් මේ අඩු ගුරුත්වාකර්ෂණය.”

Exit mobile version