ඊයේ (06) අලුයම මුලතිව් ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයින් 10 දෙනෙක් මුහුදු මාර්ගය ඔස්සේ ඉන්දියාවේ ධනුෂ්කෝඩ් වෙත ගොස් ඇති බව වාර්තා වේ.
එම පිරිස අතර ළමුන් තිදෙනෙක් සහ කාන්තාවන් සිව් දෙනෙක් සිටින බව සදහන්.
පවතින ආර්ථික අපහසුතා මැද මෙසේ ඉන්දියාවට පැමිණි බව ඔවුන සදහන් කර තිබේ. මෙම පිරිස මණ්ඩපම් පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට ඉන්දීය ආරක්ෂක අංශ කටයුතු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .
