ඇමෙරිකා එක්සත් ජනපදයේ චිචාගෝ හි ඉලිනොයි සරසවියේ සේවය කරන , මෙරට පර්‍යේක්ෂකවරයෙක් වන ආචාර්‍ය කස්සප ඇල්ලෙපොල හට දන්ත වෛද්‍ය පර්‍යේක්ෂණ නවෝත්පාදනය වෙනුවෙන් කොලොම්බියාවේ බොගෝටා නගරයේ පැවති අන්තර්ජාතික දන්ත වෛද්‍ය පර්‍යේෂණ සංගමයේ 101 වන සමුළුවේ දී අන්තර්ජාතික දන්ත වෛද්‍ය පර්‍යේෂණ සම්මානයකින් පිදුම් ලැබූ බව වාර්තා වේ.
එමෙන්ම මොහුගේ පර්‍යේෂණ කටයුතු වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් 50 , 000 ක මුදලක් ද හෙලියොන් සමාගමේ මූල්‍ය පරිත්‍යාගයෙන් අන්තර්ජාතික දන්ත වෛද්‍ය පර්‍යේෂණ සංගමය විසින් පිරිනැමූ බව සඳහන් වේ.