මෙරට දරුවන්ගෙන් 17% කට මන්දපෝෂණය

අද වන විට මෙරට දරුවන්ගෙන් 17% ක් මන්දපෝෂණයෙන් පෙලෙන බව නවතම සමීක්ෂණයකින් අනාවරණයවී ඇති බව කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසනවා.

රටතුළ පවතින ආර්ථික අර්බුදයත් සමඟ ජනතාව ආහාර ගැනීම සීමා කිරීම මෙම තත්ත්වයට හේතුව බවටයි ඔවුන් විශ්වාස කරන්නේ.

මෙම ජාතික සමීක්ෂයේදී අවුරුදු පහට අඩු දරුවන්ගෙන් ලක්ෂ දෙකක ප්‍රමාණයකට හා පාසල් සිසුන්ගෙන් ලක්ෂ 7 ක ප්‍රමාණයක් මන්දපෝෂණයෙන් පෙළෙන බවට අනාවරණය වූ බවයි කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණ අංශයේ ප්‍රධානී පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස සඳහන් කළේ.

එසේම මේ වන විට කැල්සියම් ඌනතාවය විශාල ලෙස ඉහළ ගොස් ඇති අතර දරුවන්ගෙන් සියයට 50 ක් පමණ කැල්සියම් ඌණතාවයෙන් පෙළෙන බවත් මෙය අලුතින් ඇති වූ තත්ත්වයක් බවයි ඇය සඳහන් කරන්නේ.

රටේ පවතින ආර්ථික තත්ත්වය තවදුරටත් පහළ වැටුනහොත් අනාගතයේදී මීටත් වඩා දරුණු අර්බුදකාරී තත්ත්වයන්ට මුහුණ පෑමට සිදු විය හැකි බව තරයේ සිහි තබා ගත යුතු කරුණකි.

Exit mobile version