මෙරට පුරාවස්තු, විශ්ලේෂණය සඳහා චීනයට

ශ්‍රී ලංකාවේ පුරාවස්තු විශ්ලේෂණ කටයුතු සඳහා චීනයට යැවීමට සූදානමක්.

ඊට අදාළ ගිවිසුම අද (10) දිනයේ අත්සන් කිරීමට නියමිතව ඇති බව ද සඳහන් වේ.

ඒ සඳහා චීන පෞද්ගලික සමාගමක් සමග අදාළ ගිවිසුමට එළඹීමට නියමිත බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

එමෙන් ම මෙම ගිවිසුම තුළින් මෙරට පුරාවිද්‍යා පරීක්ෂණ කටයුතු සඳහා චීනයේ තාක්ෂණික සහයෝගීතාවය ලබා ගැනීමේ හැකියාව පවතින බව ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

Exit mobile version