අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වූ විශ්රාමික මේජර් අජිත් ප්රසන්න මහතාට අභියාචනාධිකරණය විසින් මාස 6 ක බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියම කර ඇති අතර එය දැනට ගෙවෙමින් පවතින වසර 4ක සිරදඩුවම අවසන් වීමෙන් පසුව ක්රියාත්මක වන බව වාර්තා වේ.
මෙම තීන්දුව අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න හා ඒ.මරික්කාර් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් ලබා දී තිබෙන බව සදහන්.
