සෞඛ්‍ය අංශ දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කර තිබෙන්නේ උණ, කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව පවතින්නේ නම් දරුවන් පාසල්, පෙර පාසල් හෝ උපකාරක පන්ති යැවීමෙන් වැළකී සිටින ලෙසයි.
වාර්තා වන ආකාරයට මේ දිනවල දිවයින පුරා විවිධ ප්‍රදේශවලින් වාර්තාවන සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ සහිත ස්වසන රෝගී තත්ත්වය කොවිඩ් 19 සහ ඉන්ෆ්ලුවෙන්සා ඇතුලු වෛරස කිහිපයක සම්මිශ්‍රණයක් විය හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කර තිබේ.
මෙම තත්වය හමුවේ උණ, සෙම්ප්‍රතිශ්‍යාව හෝ කැස්ස පවතින්නේ නම් දරුවන් පාසල් යැවීමෙන් වළකින ලෙස ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි.
