සති ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවට එවීමට සැලසුම් කර තිබෙන රුසියන් ඉන්ධන නැව් 35 ගෙන්වීමට නොදී, වෙනත් උපක්‍රමයක් ඔස්සේ තම මඩිය තර කරගැනීමේ මෙහෙයුමක නිරත වන්නේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ඔහුගේ සහෝදරයා බව විවිධ තහවුරු නොකළ වාර්තා පෙන්වා දෙයි.
මේ ලබා දීමට නියමිත ඉන්ධන සමග පොහොර නොමිලේ ලබා දීමටත්, දැනට ලබාගන්නා ඉන්ධන මිලට වඩා 30% ක් අඩුවෙන් ලබා දීමටත් රුසියන් රජය එකඟව තිබෙන බව වාර්තා පෙන්වා දෙයි. නමුත් ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයෙකු වන ඩඩ්ලි සිරිසේන මහතා එම ඉන්ධන පෞද්ගලිකව ගෙන්වීමට කටයුතු කර නොමිලේ ලැබෙන පොහොර ද විකුණා මුදල් කරගැනීම අභිප්‍රාය බව සදහන් වේ. එසේම රුසියන් රජය පෞද්ගලික ආයතන හරහා ඒවා ලබාදීමට ප්‍රතික්ෂේප කර තිබෙන බවද මහජන යුතුකම් කේන්ද්‍රය පෙන්වා දෙයි.
කෙසේ වුවත් එවැනි ගනුදෙනුවක් කරමින් ශ්‍රී ලාංකික ජනතාව සමග තව දුරටත් සෙල්ලම් කරන්නේ නම් මේ සියලුම විනාශයන් වලට හේතුව මෙරට තිබෙන අයහපත් ව්‍යාපාර බව පැහැදිලිය. කෙසේ වුවත් මේ සිද්ධිය පිලිබඳව අප මීට දින තුනකට පමණ පෙර වාර්තා කරන ලද නමුත් මේ ඉන්ධන මාෆියාවේ යෙදෙමින් ජනතාව ම්ලේච්ච කරනු ලබන පුද්ගලයන් කවුදැයි යන්න සොයා ගැනීමට අපොහොසත් විය. නමුත් අප ඉඟියක් ලබා දී තිබේ. එසේම අදාළ අමාත්‍යවරයාගෙන් පෙරදා (24) මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නයටද, ලබා දුන් පිළිතුරට මේ වන විට රුසියන් තානාධිපති කාර්යාලය පිළිතුරු ලබා දී තිබේ. එම පිළිතුරට අනුව රේඛීය අමාත්‍යවරයා ද මාධ්‍යට ප්‍රකාශ කර තිබෙන්නේ අමූලික බොරුවකි.
මේ වන විට සියල්ලම හෙළිවෙමින් තිබේ. එසේම මෙහි සත්‍ය අසත්‍යතාව පිලිබඳව ජනතාව දැනුවත්ව තිබේ. මෙරට විනාශ කල දේශපාලකයන්, රාජ්‍ය සේවයේ මාණ්ඩලික නිලධාරීන්ගෙන් බහුතරයක් මෙන්ම විශ්‍රාම ගොස් සිටින මාණ්ඩලික නිලධාරීන්ගෙන් බහුතරයක්ද මේ මිනිස්සුන්ගේ කදුළු වලට වග කිව යුතුය. එසේම ප්‍රධාන පෙලේ කූට ව්‍යාපාරිකයන් සියලු දෙනාද, විවිධ දේශපාලන පත්වීම් ලබමින් යෙහෙන් වැජබුනු සියලුම දෙනා මේ කදුළු වලට වග කිව යුතුය. මේ රට විනාශයට අද දැම්මේ ඔවුන්ය.
එසේම පසුගියදා පැවති මාධ්‍ය හමුවේදී ආරක්ෂක ලේඛම් ප්‍රකාෂ කලේ අරගලය මෙහෙයවන්නේ ජනතා විමුක්ති පෙරමුණ බවයි. රට තුල තිබෙන ප්‍රශ්න නිසා ඇතිව තිබෙන පීඩනය හේතුවෙන් පක්ෂ විපක්ෂ බේදයකින් තොරවම මේ අරගලයේ සිටින අතර පොහොට්ටුවේ සාමාජිකයන්ද අරගලවලට සහභාගි වෙමින් සිටි. නමුත් අරගල ඇති වීමට හේතුව ජනාධිපතිවරයා හෝ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු තවමත් තේරුම් ගෙන නැති බව පැහැදිලිය. අරගල වලට හේතුව සහන නොදීම සහ මෙසේ අත යට ගහන ගැහිලි මෙන්ම දේශපාලන බොරුවන් පිලිබඳව සියලු කරුණු ගැන ජනතාව මනාව දැනුවත්ව සිටින නිසාය. නමුත් මෙරට දේශපාලන අධිකාරිය හෝ උසස් රාජ්‍ය නිලධාරීන් ඒ පිලිබදව කිසිදු දැනුවත් කමක් නැති අතර ඔවුන් සිතා සිටින්නේ ජනතාව නූගත් බවයි.
මේ වෙලාවෙත් තමන්ගේ කූට අරමුණු වෙනුවෙන් ඔවුන් ක්‍රියාත්මක වන්නේ නම් එයින් කියවෙන්නේ ඔවුන් තවමත් පුරුදු ක්‍රියාවලියේම නිරත වන බවයි. එසේ කිරීමෙන් ජනතාව තව දුරටත් පීඩා විදින බවත් මේවායෙහි සත්‍ය, අසත්‍ය මිනිසුන් සාක්ෂි සහිතවම එළිදරව් කරගන්නා බවද අප සදහන් කරන අතර ඔවුන්ගේද ජීවිත පවතින්නේ අනතුරක බවවත් ඔවුන්ට නොතේරීම මෙරට තවත් විනාශයකට රැගෙන යනු ඇත.
කෙසේ වුවත් ඉන්ධන මාෆියාවට සම්බන්ධ පුද්ගලයන් රටට අනාවරණය කල යුතුව තිබෙන අතර මේ වන විටත් විවිධ වාර්තාවල සදහන් වන හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ඔහුගේ සහෝදරයාද මෙම කතාව පිලිබඳව සමාජය දැනුවත් කල යුතුව තිබේ.
එසේ නොකළහොත් සහ නිසි පිළිතුරු ජනතාව ඉදිරියේ තබා සත්‍ය හෙලිකල නොකළහොත් එයින් ඔවුන්ගේ ප්‍රතිරූපයට දැවැන්ත හානියක් සිදුවන අතර එයින් ඔවුන්ගේ ජීවිතවලටද දැඩි අනතුරුදායක තත්වයක් උදාවනු ඇත. සමහර විට මේ පිටුපස වෙනත් කණ්ඩායමක් සිටිමින් මෙසේ කරනවාද විය හැකි බැවින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ පිලිබදව සත්‍ය , අසත්‍ය ප්‍රකාශ කල යුතුය.
කෙසේ වුවත් මෙවැනි පුවත් වල සත්‍ය අසත්‍ය සොයාගැනීමට නොහැකි අතර ගනු දෙනු සිදුවීමෙන් පසුව පමණක් ඒවා එලිවීම සාමාන්‍ය තත්වය වේ. එබැවින් ජනතාව තුල තිබෙන මෙම මතය පිලිබඳව මාධ්‍යයට ප්‍රකාශයක් නිකුත් කිරීම ඔවුන් දෙදෙනාගේම වගකීම සහ යුතුකම වේ.
