(වීඩියෝ) The morning පුවතට විජේදාසට යකා නගිද්දී මෛත්‍රී ගුණරත්න ඇත්ත කියයි.

කෝටි ගණනක මුදල් වංචාවක් සම්බන්ධයෙන් මෑතක දී රක්ෂිත බන්ධනාගාරගත කෙරුනු තිලිණි ප්‍රියමාලි වටා ගෙතී ඇති ආන්දෝලනාතාමක කරුණු කිහිපයක් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේ දී චමුදිත සමරවික්‍රම මහතා විසින් කරන ලද හෙළිදරව්වක් පිළිබඳ සමාජයේ අවධානය යොමුව ඇත.

එම සාකච්ඡාව සඳහා ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා එක්ව ඇති අතර ඒ මහතා පෙන්වා දුන්නේ තිලිණි ප්‍රියමාලි සහ ඉසුරු බණ්ඩාර යන පුද්ගලයින් විසින් කරන ලද මෙම වංචා මාලාව පිටුපස සිටින මහ මොළකරු ජානකී සිරිවර්ධන වන බවයි.

ජානකී සිරිවර්ධන ආරක්ෂා කරමින් ඇයව හිරේ නොදැමීමට කටයුතු කරන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රබල දේශපාලන පවුලක් විසින් බවයි මෙහි දී මෛත්‍රී ගුණරත්න මහතා ප්‍රකාශ කළේ.මේ පිළිබඳ සියලු සාකච්ඡා රිච් කාල්ටන් තුළ සිදුව ඇති බවත් අසාද් සාලි සහ ජානකී සිරිවර්ධන අතර වසර 10 – 15 ක හැඳුනුම්කමක් පවතින බවත් ඒ හරහා හෙහ වංචා සිදුව ඇති බවත් මෙහිදී මෛත්‍රී ගුණරත්න මහතා සඳහන් කරයි.

තිලිණි ප්‍රියමාලිගේ සමාගමට එකවර කෝටි ගණනින් මුදල් පැමිණ ඇති අතර මේ පිළිබඳව කිසිදු සොයා බැලීමක් සිදු කිරීමට එම ඉතුරුම් ආයතන කටයුතු කර නොමැති ව ද මෙහි දී අනාවරණය වී ඇත.

සාමාන්‍යයෙන් යම් පුද්ගලයෙක් එකවර ලක්ෂ 30ක් හෝ 40ක් වැනි විශාල මුදලක් තැම්පත් කිරීමට යන අවස්ථාවේ දී අදාළ බැංකුවේ නිලධාරීන් විසින් ඒ පිළිබඳ ප්‍රශ්න කරනු ලබයි කෙසේ නමුත් මෙම සිදු වීමේ දී එවැනි විමර්ශනයක් ද සිදුව නොමැත්තේ කුමන කරුණක් හේතුවෙන් ද යන්න ප්‍රහේළිකාවකි.

ජානකී සිරිවර්ධන සෘජුවම මෙම සිද්ධියට සම්බන්ධ බව දැන දැනත්  ඇයව නීතිය ඉදිරියට රැගෙන යාමට කටයුතු කරන්නේ නැත්තේ ඇයිද යන්න මේ වන විට විශාල සැකයක්ව ඇත.

අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂගේ පුතත් තිලිණි ප්‍රියමාලි වෙනුවෙන් උසාවියේ දී පෙනී සිටි බවත් තමන් අධිකරණ ඇමති වුණා නම් එවැනි අවස්ථාවකට තම පුතු ඉදිරිපත් නොකරන බවත් මෙහි දී ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න කියයි.

මෙරට වැරදිකරුවන් නීතිය ඉදිරියට රැගෙන ඒමට නොහැකි ,විවිධ දේශපාලන බලයන්ට හිස නමන සාමාන්‍ය ජනතාවට ගිනි අවි ඔසවන නීතියක් ඇති රටක් බවට යළිත් වරක් සනාථ විය.

කශේරුකාව කෙළින් තබාගෙන තම වගකීම යුතුකම ඉටුකළ හැකි නීති පද්ධතියක් මේ රටේ ස්ථාපනය වන තෙක් රට ආගාදයට යාම කිසිසේත් වළකාලීමේ හැකියාවක් නැත.ධනයට බලයට හිස නමන වහල් නීතියට තිත තැබීමට කාලය දැන්වත් එළඹ ඇතැයි සිහි තබාගෙන කටයුතු කළ යුතු පාලක පන්තියක් අවශ්‍යම මොහොතයි මේ.

Exit mobile version