මොණරාගලට අයිස් වැස්සක්.

මාස කිහිපයක් පුරා පැවති දැඩි වියළි කාලගුණික තත්ත්වය නිමා කරමින් මොණරාගල සහ ඒ අවට ප්‍රදේශ කිහිපයකට අද දැඩි වර්ෂාපතනයක් ඇද හැලී ඇති බව වාර්තා වේ.

මෙම වර්ෂාව සමග අයිස් වැස්සක්ද පතිත වූ බව සදහන්.

අද පස්වරුවේ මෙම දැඩි වර්ෂාපතනය පැවති අතර විනාඩි දෙකක පමණ කාලයක් පුරා අයිස් පතිත වූ බවද ප්‍රදේශවාසීන් සදහන් කර තිබේ.

Exit mobile version