මොනරාගල , හොරම්බුව ප්‍රදේශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් තේක්ක වගා භූමියක හදිසි ගින්නක් ඇති වී තිබෙන බව වාර්තා වේ.
ගින්නෙන් ජීවිත හානි කිසිවක් සිදු නොවී ඇති බවත් , අක්කර 30 ක පමණ භූමි ප්‍රදේශයක ගින්න පැතිරී ගොස් ඇති බවත් සඳහන්.
ගින්න සම්බන්ධයෙන් මොනරාගල පොලිසිය විසින් මොනරාගල ප්‍රාදේශීය සභා ගිනි නිවන ඒකකය , කුඹුක්කන හා මලිගාවිල යුද හමුදා කඳවුරු දැනුවත් කර අනතුරුව ඔවුන්ගේ ද සහාය ඇතිව ගින්න මැඩපැවැත්වීම සඳහා කටයුතු කර තිබේ.