මොරගල්ල මුහුදේ දී 05 දෙනෙකු දිය වැලකට හසුවේ

අලුත්ගම මොරගල්ල මුහුදේ දියනෑමට ගිය පුද්ගලයින් 05 දෙනෙකු දියවැලකට හසුව ගසාගෙන ගොස් ඇත.

එහි දී සිව්දෙනෙකු බේරාගැනීමට අවට සිටි පිරිසට හැකියාව ලැබී ඇති අතර එක් අයෙක් අතුරුදන්ව ඇත.

එසේ අතුරුදන්ව ඇත්තේ 16 හැවිරිදි වියේ පසුවූ කළුමෝදර ප්‍රදේශයේ පදිංචි සිසුවෙක් බවට වාර්තා වී ඇත.

Exit mobile version