මොරටුව විශ්වවිද්‍යාලයේ විභාග අභ්‍යන්තරික නීතිරීති සම්පාදනය කිරීමේදී සිසුන් මුහුණ දෙන ගැටලු වලට සතියක් ඇතුළත විසඳුම් ලබාදෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා අදාළ ගැටලු සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූ ඉංජිනේරු පීඨ ශිෂ්‍ය පිරිසක් හමු වූ අවස්ථාවේදී ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මෙම විරෝධතාව හේතුවෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අවට දැඩි ආරක්ෂාවක් යොදවා තිබුණු අතර ඊට යුද හමුදාව , කැරලි මර්දන ඒකකය හා පොලිස් විශේෂ කාර්ය බලකාය ද යොදවා තිබූ බව සඳහන් .
