අද (17) දින සවස පානදුර මොරවින්න කර්මාන්තපුරයේ පිහිටි ශාලාවකදී සුර්ය පැනල සහිත අධික බරකින් යුත් පෙට්ටියකට යට වි පුද්ගලයකු මිය ගොස් ඇති බව වාර්තා වේ.
කන්ටේනර් රථයකින් කර්මාන්ත ශාලාවේ සවි කිරීමට ගෙන ආ අදාළ පැනල සහිත පෙට්ටි බාමින් සිටියදී පෙරලි ගිය පෙට්ටියකට යටවීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා පානදුර රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරින් මිය ගොස් ඇත්තේ එම කර්මාන්ත ශාලාවේම සේවයේ නියුතු මාතර ඌරුබොක්ක ප්‍රදේශයේ පදිචි 38 හැවිරිදි රොෂාන් නැමති දෙදරු පියෙක් බවයි වාර්තා වන්නේ.
