මොළ හතානෝ  කපුටු සාස්තරය අවසන් කරයි. රට බංකලොත් කල බැසිල් යයි.

සමස්ත ශ්‍රී ලංකාවම හිඟා කන තත්වයට පත් කල බවට චෝදනා ලත් ඇමෙරිකාවේ පුරවැසියෙකු මෙන්ම ශ්‍රී ලාංකික පුරවැසියෙකු බවට පිළිගත් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිය දූරයෙන් ඉල්ලා අස් විය.

විශේෂ ප්‍රකාශයක් කරමින් ඉවත් වූ ඒ මහතා “ තමන් මුදල් අමාත්‍ය ධූරය සිටි කාලයේ විදේශ සංචිත පහළ ගියේ යැයි වන චෝදනාව පිළි නොගන්නා බවද” සදහන් කරන ලදී.

වැඩි දුරටත් අද්ඵහස් දක්වමින් ඔහු සදහන් කලේ තමන් අමාත්‍ය ධූරය භාර ගන්නා අවස්ථාවේදී ශ්‍රී ලංකාව තුළ විදෙස් සංචිත නොතිබූ බවයි.

“සංචිත බිංදුවට වැටුණ එක නම් මම පිළිගන්නේ නෑ. කවුද දන්නේ නැහැ කිව්වේ? කොහෙද තියෙන්නේ? ඒක නම් වැරදි. සම්පූර්ණ වැරදි තොරතුරක්. සංචිත කියල එකක් තිබුණෙත් නැහැ මම එනකොට. එහෙම සංචිත තිබුණා නම් මට ත් කරන්න තිබුණා.”

එහිදී මාධ්‍ය වේදියෙකු, “රජපක්ෂ පාලනය අවසන් වුණේ බැසිල් රාජපක්ෂ නිසා බව ජනතාව චෝදනා කරනවා,” ලෙස ප්‍රශ්න කිරීමේද,“ඔව් ඒක ඉතින් ගියා ම ඉවරනේ ”ලෙස පවසමින් එය පිළිගන්නා ලදී.

කෙසේ වුවත් ඔහු කිසිම රාජ්‍ය පරිපාලන කටයුත්තකට සම්බන්ධ නොවන බවද, දේශපාලනයේ නිරතවන බවද සදහන් කරන ලදී.

Exit mobile version