මෝටර් රථයක් ඔබට හිමිද ප්‍රවේසම්වන්න.

මෝටර් රථ හිමිකරුවන් හා රියදුරන් තම රථය සම්බන්ධයෙන් ඉතා විමසිලිමත්ව සිටින ලෙස පොලිසිය විසින් උපදෙස් දී ඇති බව වාර්තා වේ. ඒ රට තුල මෝටර් රථ සොරා ගැනීම ඉහල යන බවයි වාර්තා වන්නේ.

පොලිසිය සදහන් කර ඇත්තේ  වැලිවීරිය ප්‍රදේශයේදී  ද ලක්ෂ 32 ක් පමණ වටිනා මෝටර් රථයක් සොරා ගෙන ඇති  බවට පොල්සියට පැමිණිල්ලක් ලබී ඇති බවයි.

පොලිසිය විසින් සිදු කරන ලද විමර්ශන හමුවේ එම රථය සොයා ගෙන ඇති අතර සැකකරුවකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි සදහන් වන්නේ.

 එම සැකකරු මෙම රථය රුපියල්  ලක්ෂ 14 ක මුදලකට මිලදී ගෙන ඇති බව සදහන් කොට ඇති අතර වාහනය සොරාගත් සැකකරු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කොට ඇති බව වාර්තා වේ.

Exit mobile version