අද (28) දින උදෑසන අම්බලන්ගොඩ, කුලීගොඩ, මීටියාගොඩ මාර්ගයේ ගොන්නදූව ප්‍රදේශයේ දී නාදුනන පුද්ගලයකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව සදහන් වේ .
මෙලෙස වෙඩි වැදීමෙන් මරණයට පත්ව ඇත්තේ මාදම්පාගම, උස්මුදුල්ලාව ප්‍රදේශයේ පදිංචි සුදත් සිරි නැමති 42 හැවිරිදි පුද්ගලයකු වන අතර ඔහු තම බිරිද සේවා ස්ථානයට රැගෙන ගොස් නැවත පැමිණෙමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බවයි සදහන් වන්නේ.
වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුලත් කරන විටත් මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.














































