යතුරුපැදියක ගැටී පොලිස් නිලධාරියා රෝහලේ. විදුලි පන්දම රියදුරුගේ මූනට එල්ලකරමින් පාරට පැන්නාද?

 අණ නොතකා ධාවනය වූ යතුරු පැදියක ගැටී තුවාල ලැබූ පොලිස් සැරයන්වරයකු ප්‍රතිකාර සඳහා වව්නියාව මහ රෝහලට ඇතුළත් කර තිබෙන බව වාර්තා වේ.

ඊයේ රාත්‍රියේ දී (15)  සිදම්බරපුරම් මාර්ගයේ බීමත් රියදුරන් පරික්ෂා කිරීම සඳහා යොදවා තිබු මාර්ග බාදකරජකාරියේ  යෙදී සිටින නිලධාරීන් විසින් යතුරුපැදියක් නැවැත්වීමට අණ කර තිබේ. අණ නොතකා ධාවනය වූ එම යතුරු පැදිය, යතුරු පැදිකරුගේ පාලනයෙන් ගිලිහී පෙරළී යාමෙන් අනතුරුව පොලිස් සැරයන්වරයාගේ සිරුරේද ගැටී තිබෙන බව පොලීසිය පවසයි.

යතුරුපැදිකරු 19 හැවිරිදි වන අතර පසු පැදිකරු විසි හැවිරිදි වන අතර  ඔවුන් ද තුවාල ලබා වව්නියාව මූලික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබේ.

කෙසේ නමුත් අප ද රාත්‍රියේ ගමන්කරනා විට විදුලි ආලෝක පන්දම් මූනට එල්ලකරමින් පොලිස් නිලධාරීන් මහා මාර්ගයට පනින අතර විදුලි පන්දම් එලිය රියදුරුගේ මූනට එල්ලකරයි. ලංකාව පුරාම මේ තත්වය දක්නට තිබෙන අතර, රාත්‍රීයේ රාජකාරියේදී වාහන නැවැත්වීමට ලබා දී තිබෙන විදුලි සංඥා එලි වල බැටරි නොමැති බවද පොලිස් නිලධාරීන් ප්‍රකාශ කරයි.

Exit mobile version