යතුරුපැදි අංක තහඩු හොරට සකස් කිරීමේ මධ්‍යස්ථානයක් අද වැටලූ බවට පානදුර දකුණ පොලිසිය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
අකුරැස්ස, වලිදූව ප්‍රදේශයේද පදිංචි 33 හැවිරිදි සැකකරු පානදුර මාලමුල්ල ප්‍රදේශයේ දෙමහල් නිවසක පහත මාලයේ යතුරුපැදි ස්ටිකර් සකස් කරන අතරතුර ජාවාරම කරගෙන බවට බස්නාහිර පළාත් බුද්ධි නිළධාරීන්ට ලද තොරතුරක් මත වැටලීම කර තිබේ.
උපාය දූතයකු යොදා පොලිස් යතුරුපැදියක අංක තහඩුවක් නිපදවාගෙන වැටලීම සිදුකර ඇති බවද සදහන් .
අංක තහඩු වලට අලවන DMC ලාංඡන සහිත ස්ටිකර් දහසකට ආසන්න ප්‍රමාණයක් , රාජ්‍ය ලාංඡන සහිත ස්ටිකර් සීයකට ආසන්න ප්‍රමාණයක්, නිමකල අංශ තහඩු 10 ක් , ඒ සදහා යොදාගත් පරිඝණක යන්ත්‍රයක් සහ මුද්‍රණ යන්ත්‍රයක් ද භාරයට ගෙන සැකකරු අත්අඩංගුවට ගත් බවට පොලිසිය ප්‍රකාශ කර තිබේ.
එක් යතුරුපැදියක දෙපස අංක තහඩු සකස් කිරිමට රුපියල් තුන්දහසක මුදලක් අයකර ඇති බව සැකකරුගේ ප්‍රකාශවලින් හෙලිව ඇතැයිද පොලිසිය සදහන් කර තිබේ.
